Happy Liver Porridge

In Stock
SKU: HAPLIV001
  • Product not available

Happy Liver Porridge – විශේෂ හැපි ලිවර් හීන්බෝවිටියා කැඳ

හැපිලිවර් පොරේජ් යනු (Happy Liver Porridge) ප්‍රියාදි නේචර් ෆුඩ් ආයතනය හඳුන්වා දුන් විශේෂ හීන්බෝවිටිය කැඳ මිශ්‍රණයයි. අභාමානවත් 10 වන සංවත්සරය සමරන ප්‍රියාදි ආයතනයේ නිෂ්පාදනයක් වන හැපිලිවර් පොරේජ් පාරිභෝගික විශ්වාසය දිනා ගත් නිෂ්පාදනයකි. 2022 ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ Rotaract Club සංවිධානය කරන ලද Yes 22 තරඟාවලියේ හොඳම ව්‍යවසායක නිර්මානයක් ලෙස ඇගයීමට ලක්වූ Happy Liver Porridge Fatty liver ලිවර් වලට ගුණදායක හීන්බෝවිටියා,එලපිටවක්කා,ඕළු සහල් සහ පාරම්පරික දේශීය සහල් මුසු කර සකස් කර ඇත. Happy Liver Porridge පහසුවෙන් සකස් කර ගත හැක.


Sold By:

1800.01
1650.00

Support your liver naturally with Happy Liver Porridge by Priyadi Nature Foods, a time-tested Ayurvedic health porridge specially developed to promote liver detoxification and overall liver wellness. This carefully balanced formula is made using traditional Sri Lankan medicinal ingredients such as Heenbovitiya, Elapitawakka, Water Lily seeds, and locally sourced traditional rice, known for their liver-protective properties.

Designed to support individuals dealing with fatty liver, this herbal porridge helps improve liver function, aid natural detoxification, and support healthy cholesterol levels and digestion when consumed regularly as part of a balanced lifestyle. Its gentle, nourishing nature makes it suitable for long-term use without harsh side effects.

Easy to prepare and suitable for daily consumption, Happy Liver Porridge is ideal as a morning health drink for those seeking natural liver care solutions rooted in Ayurveda. Trusted for over 10 years and recognised with awards, it has become a preferred choice among health-conscious consumers.

Perfect for customers searching for fatty liver remedies, liver detox foods, Sri Lankan herbal porridge, Ayurvedic liver treatment, and natural liver health products. A reliable, traditional solution for supporting liver health the natural way.


Happy Liver Porridge – හැපි ලිවර් විශේෂ හීන්බෝවිටියා කැඳ


මොකක්ද ෆැටී ලිවර් (Fatty liver) කියන්නේ?

සාමාන්‍යයෙන් සිරුරේ ඕනෑම තැනක වගේ අක්මාවෙත් මේදය තැන්පත් වීම සාමාන්‍ය දෙයක්.නමුත් සාමාන්‍ය අවස්ථාවේදී මේදය තැන්පත් වීම සියයට 5ක් පමණ වන අතර එය සියයට 40 දක්වා ඉහළ යාම Fatty liver ලෙස හඳුන්වනවා.මෙය ප්‍රධාන වශයෙන් අදියර හතරක් සහිත වන අතර පළමු අදියර තුනේදී රෝගය හඳුනාගෙන නියමිත ආහාර, ඖෂධ, ප්‍රතිකාර මගින් අක්මාව යථා තත්වයට පත්කර ගත හැක.

මොනවද ෆැටී ලිවර් (Fatty liver) රෝග ලක්ෂණ?

සිරුර අප්‍රාණික වීම.

සිරැරේ බර අඩුවීම

ආහාර අරැචිය

උදර වේදනාව,

මළබද්ධය

රෝගී වූ අක්මාව ඉදිමීම නිසා උදරය ඉදිමීම


මොනවද ෆැටී ලිවර් (Fatty liver) හැදෙන්නේ ?

වැරදි ආහාර රටා (short eats – ක්ෂණික කෙටි ආහාර භාවිතය, ෆ්‍රයිඩ් රයිස්,කොත්තු වැනි ආහාර නිතර භාවිතය,කෘතිම රසකාරක යෙදු ක්ෂණික නූඩ්ල්ස් වැනි ආහාර භාවිතය ආදිය )

අධික මත්පැන් පානය

ව්‍යායාම නොකිරීම

සිරුරේ ස්ථූලතාවය

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම

දියවැඩියාව

අධික රුධිර පීඩනය

ජාන තත්ව

සමහර ඖෂධ දීර්ඝ කාලීනව භාවිතා කිරීම

පෝෂණ ඌණතා.

සිරුරේ බර අඩුවන ඖෂධ ලබා ගැනීම සහ සැත්කම් කිරීම

මේ හේතු නිසා අක්මා සෛල විනාශ වී අක්මාවේ ඇති මේදය හරි හැටි දහනය නොවීමෙනුයි රෝගය හටගන්නේ.

ෆැටී ලිවර් (Fatty liver) ආරක්ෂා වෙන්න අපි මොනවද කරන්න ඕන

ඉහත දක්වා ඇති Fatty liver වලට හේතුවන සියලුම හේතුවලින් වැලකී සිටිය යුතුයි.රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීමද රෝගයට හේතුවක් වන නිසා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනීම, අධික තරබාරු නම් ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම, දියවැඩියාව ඇත්නම් සිරුරේ සීනි මට්ටම පාලනය, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් දිනපතා ලබාගැනීම ෆැටී ලිවර් වළක්වා ගන්න හේතුවක්.

එළවළු පළතුරු හොඳින් ආහාරයට ගැනීම, පෝෂණය ඉහළ ආහාර ලබා ගැනීම. කොළ වර්ග, ධාන්‍ය, කුඩා මාළු වර්ග, තෙල් රහිත මස් ආහාරයට එකතු කර ගැනීම ,‍ සිරුරට අගුණ ආහාරවලින් වැළකීම,අධික ලුණු සහිත ආහාර, තෙල් හා අධිකව මිරිස් හා කුළුබඩු ආහාරවලට එක්කර නොගැනීම.මත්පැන් වලින් වැළකීම.හොඳින් ජලය පානය කිරීම.සිරුරේ බර අඩු කර ගැනීමට නිර්දේශයකින් තොරව ඖෂධ ලබා නොගැනීම.බර අඩු කරගන්නට අවශ්‍ය නම් අනිවාර්යයෙන් පෝෂණවේදියෙකු හමු වෙන්න.ඔමේගා 3 වැනි හිතකර මේද අම්ල වැඩිපුර ආහාරයට ගන්න.ඔබ දිගින් දිගටම ඖෂධ වර්ග පාවිච්චියට ගන්නවා නම් අක්මා පරීක්ෂාවක් කර ගන්න.ඔබ අක්මාව ගැන නොසලකා හැරීම නිසා ෆැටී ලිවර් තත්ත්වය දිගටම පැවතීමෙන් සිරෝසිස් රෝගයට ලක් වුණොත් ඔබේ අක්මාව යළි ප්‍රකෘති තත්වයට ගන්න බෑ.

මීට අමතරව විශේෂයෙන් අපේ රටටම ආවේණික අක්මාවේ රෝගවලට අපගේ පාරම්පරික වෙදකම ආයුර්වේදයට අනුව ඉතා හිතකර හීන්බෝවිටියා භාවිතා කිරීමත් ෆැටී ලිවර් (Fatty liver) ආරක්ෂාවෙන්න හොඳම ක්‍රමයක්. හීන්බෝවිටියා කැඳක් ලෙස භාවිතා කිරීම නිර්දේශිතයි.


හැපිලිවර් පොරේජ් යනු (Happy Liver Porridge) ප්‍රියාදි නේචර් ෆුඩ් ආයතනය හඳුන්වා දුන් විශේෂ හීන්බෝවිටිය කැඳ මිශ්‍රණයයි. අභාමානවත් 10 වන සංවත්සරය සමරන ප්‍රියාදි ආයතනයේ නිෂ්පාදනයක් වන හැපිලිවර් පොරේජ් පාරිභෝගික විශ්වාසය දිනා ගත් නිෂ්පාදනයකි. 2022 ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ Rotaract Club සංවිධානය කරන ලද Yes 22 තරඟාවලියේ හොඳම ව්‍යවසායක නිර්මානයක් ලෙස ඇගයීමට ලක්වූ Happy Liver Porridge Fatty liver ලිවර් වලට ගුණදායක හීන්බෝවිටියා,එලපිටවක්කා,ඕළු සහල් සහ පාරම්පරික දේශීය සහල් මුසු කර සකස් කර ඇත. Happy Liver Porridge පහසුවෙන් සකස් කර ගත හැක.

Happy Liver Porridge සකස් කර ගන්නා ආකාරය

කැඳ පිටි මිශ්‍රණයෙන් එක් මේස හැන්දක් දියකිරි (පොල්කිරි මිරිකා දෙවන වර මිරිකා ගන්නා කිරි) වීදුරුවකට හොඳින් මිශ්‍ර කර ගන්න. මෙහි අඩංගු දේශිය සහල් ගුණ ක්‍රියාත්මක වීමට පොල්කිරි අවශ්‍ය වේ.

හීන්බෝවිටියා වල ස්වභාවික ඇඹුල් රසය යටපත් කර පානය වඩාත් රසවත් හා ගුණවත් කර ගැනීම අවශ්‍ය ප්‍රමාණයට සුදුළුණු,ඉඟුරු,ගම්මිරිස් හා ලුනු එක් කර ගන්න.

විනාඩි 2-3 පමණ හැඳි ගාමින් උතුරන තෙක් රත් කරගන්න.


Related Products